FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය සේවකයන් අද වර්ජනයේ..

වැටුපට සාපේක්‌ෂව ලබාදෙන දීමනාව වැඩිකිරීම, භාෂා දීමනාව සහ දේපළ ණය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ අද (25 ) සංකේත වැඩවර්ජනයක නිරත වෙති.

වර්ජනය අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද සම්බන්ධයෙන් අද (25 ) සවස තීරණය කරන බව විශ්වවිද්‍යාලයීය අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන්‌ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති අතර එම ඉල්ලීම් ලබාදෙන බවට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2015 වසරේ ලබාදුන් ලිඛිත පොරොන්දුව කඩකිරීම නිසා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වු බව එම කමිටුව වැඩි දුරටත් පවසයි.

DE සිල්වා