FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද සළකුණූ කිරිමේ දෙවන අදියර අදින් ඇරඹෙයි..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දෙවන අදියර අද (25) ආරම්භ වන අතර , එ අනුව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද (25) සහ හෙට (26) යන දෙදින තුළ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව හිමිව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතන වල තැපැල් ඡන්දය සළකුණු කිරීම අද සහ හෙට යන දෙදින සිදුකිරීමට නියමිතය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමේ පළමු අදියර පසුගිය 22 වන දින ක්‍රියාත්මක වූ අතර එහිදී මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන වල තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදු කෙරිණි.

DE සිල්වා