FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණ රිට් පෙත්සම් 06 ඉල්ලා අස්කර ගනියි..

පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 06 ක් එම පක්ෂය විසින් අද (24) ඉල්ලා අස් කරගනු ලැබීය.

පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ ,වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ප්‍රතික්ෂේප වු නාමයෝජනා සඳහා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණී.

මෙම කරුණ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ විසින් ⁣ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06 ක් පෙත්සම් විභාගයට නීතිමය පදනමක් නොමැති බව කියමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ විසින් විභාගයට නොගෙනම ඉවත දැමීම හේතුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් ඉවත් කිරීමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කළේය.

මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් ඒ ඒ දිස්ත්‍රික් හි තේරීම් බාර නිලධාරීන් , පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිස් නම් කර සිටියහ.

DE සිල්වා