FAST NEWS

24×7 Around the Globe

පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ 150 ක් හදිස්සියේ ලෙඩ වෙයි.

පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසුසිසුවියන් 150 ක පමණ පිරිසක් උණ සහ පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (24) පොළොන්නරුව මහ රෝහලෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

මොවුන්ගෙන් කොටසක් පොළොන්නරුව මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර තවත් පිරිසකට වෛද්‍යවරුන් විද්‍යාපීඨයට කැඳවා අද (24) දිනයේ ප්‍රතිකාර ලබාදුන් බව පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති කේ.ඒ ගුණපාල මහතා පවසයි.

මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පැවසේ.

DE සිල්වා