FAST NEWS

24×7 Around the Globe

සෙන්දිල් තොණ්ඩමන්ට ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය ධූරය..

ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොන්ඩමන් මහතා මීට අද (24) පෙරවරුවේ ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා ඉදිරියේ ආණ්ඩුකාර කාර්යාලයේ දී දිවුරුම් දී තිබේ.

හෙතෙම දැනට ඌව පළාත් වතු යටිතල පහසුකම් නිවාස, මාර්ග,ජලසම්පාදන හා සමුපකාර ඇමතිවරයා ලෙස ද කටයුතු කරයි.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන පරීක්ෂණ කටයුතුවලට සහය දීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා මීට දින කිහිපයකට පෙර සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වු අතර,එ හේතුවෙන් එම තනතුරු සඳහා ඒ මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.

DE සිල්වා