ලබන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දයේ පළමු අදියර ප්‍රකාශයට පත්කර තිබූ පෙරේදා (22) දින ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වු හා ,දෙවැනි අදියර යටතේ හෙට (25) හා අනිද්දා (26) යන දෙදින තුළ ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ නොහැකි වූවන්ට අමතර විශේෂ දින දෙකක් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එ නඅවු තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට සඳහා සුදුසුකම් ලැබූවන්ට සිය තැපැල් ඡන්දය ප්‍රකාශක කිරීමට ලබන පෙබරවාරි 01 සහ 02 දෙදින පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එහිදී කාර්යාල වේලාව තුළ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ද කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ද පහසුකම් සලසා ඇති බව හෙතෙම සඳහන් කළේය.
මෙවර පාලන මැතිවරණයේදී 560,000 අධික පිරිසක් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
මෙම දිනය කිසිදු ලෙසකින් තවදුරටත් දීර්ඝ කරනු නොලබන බවත් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් හෝ වලංගු හැඳුනුම්පත් වශයෙන් මැතිරවණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති හැඳුනුම්පත් රැගෙන යා යුතු බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
DE සිල්වා








