අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කෙටුම්පත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවේ කරුණු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවේ කරුණු සොයා බැලීම නීතිඥවරුන්ට භාරදීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ (23) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවකදී රැස්වි මෙම තීරණයට එළඹ තිබේ.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවද අධ්‍යයනය කරමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සකස් කරමින් පවතින බවත් ඉන් අනතුරුව කඩිනමින්ම මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒකාබද්ධ විපක්ෂ පැවසීය.
DE සිල්වා








