FAST NEWS

24×7 Around the Globe

අද (24) දිනයේ කටුනායක හා කොළඹ අතර මාර්ග විටින් විට වැසෙයි..

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දිවයිනට පැමිණීම හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටව යාම හේතුවෙන් අද (24) දිනය තුළ කොළඹ හා කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා දමන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියි.

එ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් පෙරවරු 11.30 සිට දහවල් 2.00 දක්වා කාලය අතර තුර විටින් විට රථ වාහන ගමනා ගමනය සඳහා වසා තැබීමට හා සීමා කිරීම් සිදු කිරීමට නියමිතව තිබේ.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දිවයිනට පැමිණීම හේතුවෙන් පෙරවරු 11.30 සිට සවස 1.00 දක්වා කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ, දෙමටගොඩ,බොරැල්ල නෙළුම් පොකුණ මංසන්ධිය, ලිබර්ටි වටරවුම හා ගාලු පාර දක්වා වාහන ධාවනය විටිනි විට සිමා කෙරෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

එසේම සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා දිවයිනෙන් පිටවීම හේතුවෙන් සවස 1.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා වූ මාර්ගයන්ගේ රථ වාහන ගමනා ගමනය සීමා කෙරේ.

DE සිල්වා