FAST NEWS

24×7 Around the Globe

වික්ටර් රත්නායක මහතාගේ බිරිඳගෙන් ඇප අයැදුමක්

තංගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබූ රුපියල් ලක්‍ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳට ඇප නියම කරන්නැයි ඉල්ලමින් තංගල්ල මහාධිකරණයට අද (23) ප්‍රතිශෝධන ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.

තමා රිමාන්ඩ් බාරයට පත් කරමින් තංගල්ල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කොට ඇයට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලු තංගල්ල මහාධිකරණය මෙහි වගඋත්තරකරුවන්ට ලබන මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළේය.

ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි නිලක්‍ෂි අමෙන්දා මහත්මිය විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ නීතීපතිවරයා නම් කර ඇත.

De සිල්වා