FAST NEWS

24×7 Around the Globe

හෙට (24) සවස 04 න් පසු දුම්රිය එන්ජින් රියැදුරෝ වර්ජනයකට යති..

ප්‍රධාන ඉල්ලීම් හතරක් මූලික කරගනිමින් හෙට(24) සවස 04 න් පසු දුම්රිය වැඩ වර්ජනයක් සිදුකරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසයි.

මෙහි ආරම්භයක් ලෙස අද (23දා) මධ්‍ය රාත්‍රී  12න් පසු චීන මැදිරි සහිත දුම්රියවල අතිකාල සේවා කිරීමෙන් ඉවත්වන බවද එම සංගමය කියයි.

තිරිංග දෝෂ සහිත චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී සිදුවන දෝෂ සහිත ක්‍රියාවලටඑරෙහිව ගන්නා විනය ක්රියාමාර්ග නවතා දමන ලෙසත්, කොන්ත්රාත් සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට එරෙහිව, අතිකාල දීමනා කප්පාදු කිරීම හා නිල ඇඳුම් දීමනා කප්පාදු කිරීම යන මූලික ඉල්ලීම් මුල් කරගෙන මෙම වර්ජනය සිදුකරන බවද එම සංගමය පෙන්වා දෙයි.

De සිල්වා