FAST NEWS

24×7 Around the Globe

ප්‍රාදේශීය සභා 04 ක් සඳහා වු පොහොට්ටුවේ පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි..

පානදුර, අඟලවත්ත, මහියංගනය හා තිරප්පනේ ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බුවනෙක අළුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (23) තීන්දු කළේය.

එහිදී තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරපත් කළේය.

එසේම අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම නිතියානුකූල ආකාරයට සිදුව ඇති බවත් ,එම නිසා ඒවා නැවත අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොමැති බව රජයේ නිතිඥවරු විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියහ.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවෝ පෙත්සම විභාගයට ගැනීමට තරම් සුදුසු නීතිමය පදනමක් නොමැති බැවින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කළේය.

DE සිල්වා