FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව අන්තරේ යළි විදි බසියි…

මාළඹෙ සයිටම් ආයතනය අහෝසි කරන තෙක් රටපුරා අඛණ්ඩ විරෝධතාවයක් සිදුකිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තීරණය කළ බවත්, එ අනුව ලබන 25 වැනිදා කොළඹ නගරය ඉලක්ක කරගනිමින් එම විරෝධතා පාගමන ආරම්භ කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

කතරගම ප‍්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම ඇතුලූ යහපාලන ආණ්ඩුව දිගින් දිගටම සිදුකරන මර්දනකාරී වැඩපිලිවලට එරෙහිව සෑම විශ්ව විද්‍යාලයක් ඉදිරිපිටම උද්ඝෝෂණ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර මහතා මෙසේද කීය.

‘‘යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන්න තමයි ආණ්ඩුව ආවේ. ආණ්ඩුව ආපු වෙලාවේ ඉදන් කළේ බහුතරයක් ජනතාවගේ ඉල්ලීමට පයින් ගහපු එක. රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා තමයි මේ ආණ්ඩුව පටන් ගත්තේ. අදත් රැකියා විරහිත උපාධිධාරීන් මහ පාරේ උද්ඝෝෂණයේ නිරත වනවා.

නෙවිල් ප‍්‍රනාන්දුගේ අයිතියෙන් සයිටම් එක අයින් කරන එක තමයි මෙතන වෙන්නේ. ඒකේ වත්කම් ඔක්කොම ගන්නවා ස්ලිට් එකට. ඊට පස්සේ අලූත් අධ්‍යක්ෂක මණ්ඩලයත් එක්ක සෙට් එකක් එකතුවෙලා මේ අධ්‍යාපනය විකුණන වැඬේ කරනවා.

සයිටම් වලට එරෙහිව අපි මේ සතිය තුළ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයත් , අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බළ මණ්ඩලයත් , අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බළ මණ්ඩලයත් , වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවත් අනෙකුත් විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකාබද්ධ කරගත් දැවැන්ත විරෝධතාවයකට යනවා. ලබන 25 වනදා කොළඹදී දැවැන්ත පා ගමනක් සිදුකරමින් මෙම අරගලය ආරම්භ කරනවා.‘‘

DE සිල්වා