FAST NEWS

24×7 Around the Globe

ඌව මහ ඇමති ඇප මත නිදහස්.. (update)

විදුහල්පතිනියක් දණගැස්විමේ සිද්ධියකට අදාළව අද (23) පොලිසීයට භාර වු ඌව පළාත් මහ අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.

DE සිල්වා

+++++(update)

ඌව මහ ඇමති බදුල්ල පොලිසීයට භාර වෙයි..

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා නීතිඥයෙකු මාර්ගයෙන් අද (23) බදුල්ල පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් මහ ඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද පැවසේ.

DE සිල්වා