FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවි සිසුහු 04 ක් රිමාන්ඩ් කෙරෙති..

යාපනය සරසවියේ කලමනාකරණ පීඨයේ සිව්වැනි වසරේ සහ තුන්වැනි වසරේ සිසුන් පිරිසක් අතර පසුගිය 18 වැනි දා යාපනය පරමේෂ්වරන් මන්සන්ධියේදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහරමක් සම්බන්ධයෙන්, එම පීඨයේ සිසුන් සිව් දෙනෙකු කෝපායි පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා ඊයේ (22) නියෝග කළේය.

එ අනුව යාපනය සරසවියේ කලමනාකරණ පීඨයේ තෙවැනි වසර හෙට්ටිආරච්චිලාගේ ප්‍රසාද් කුමාර, අසංක සම්පත් කුලරත්න , ගේෂාන් කරුණාතිලක, මාණික්කලාගේ නිමේෂ් මධුෂංඛ දිසානායක මෙලෙස රිමාන්ඩ් කළ සිසුන් වෙති.

DE සිල්වා