FAST NEWS

24×7 Around the Globe

ලංවිම සේවකයින්ගේ සීයයට 10 ක වැටුප් දීමනාව තවදුරටත්..

අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ 22) විදුලි සේවක වෘත්තීය සමිති නියෝජිතයින් කැඳවා සාකච්ඡාවකින් පසුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් කණ්ඩායමකට ලබාදුන් සීයයට 10 ක වැටුප් දීමනාව තවදුරටත් ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

ලංවිම වැටුප් විෂමතාවය මගහැරවීමේ තාවකාලික පියවරක් ලෙස මෙම කණ්ඩායමට ඉකුත් 2017 ජනවාරි මාසයේ සිට සීයයට 10ක වැටුප් දීමනාවක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළ අතර එම දීමනාව ඉකුත් දෙසැම්බර් මාසයෙන් පසුව අවසන් කෙරිණි.

එ අනුව වැටුප් විෂමතාවය නොවිසඳා සීයයට 10 ක දීමනාව නතර කිරීමට එරෙහිව විදුලි සේවකයෝ ඉකුත් සතියේ විරෝධතාවයකද නිරත වූහ.

DE සිල්වා