FAST NEWS

24×7 Around the Globe

ඌව මහ ඇමතිගෙන් අද පොලිසීය ප්‍රශ්න කරයි…

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර දණ ගැස්‌සවීමේ සිද්ධියg අදාළව ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාගෙන් පොලිසිය අද (23) ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොලිස්‌පතිවරයාට කළ නියෝගයකට අනුව, මේ සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පත්කර ඇත.

එම විශේෂ පොලිස්‌ කණ්‌ඩායම මහ ඇමැතිවරයාගෙන් සහ සිද්ධිය සම්බන්ධ විදුහල්පතිනියගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරමින් සටියි.

එසේම මෙම විදුහල්පතිනිය දණ ගැස්‌වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පවත්වා සති දෙකක්‌ ඇතුළත වාර්තාවක්‌ පොලිස්‌පතිවරයාට ඉදිරිපත් කරන බවද බදුල්ල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ මාධ්‍ය වෙත සඳහන් කළේය.

DE සිල්වා