මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙවර මහමැතිවරණයට අදාළව තවත් වැදගත් සාකච්ඡා දෙකක් අද (30) පැවැත්වේ.
පළමු සාකච්ඡාව මැතිවරණ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර පැවැත්වේ.
දෙවන සාකච්ඡාව මැතිවරණ කොමසාරිස්වරයා සහ දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් අතර පැවැත්වේ.
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා පවසා සිටියේ මෙම සාකච්ඡාවලදී මැතිවරණ නීති කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය සහ අඩුපාඩු පිළිබඳ වැඩි අවධානයක් යොමුකෙරන බවය.
ඡන්ද විමසීම සහ ගණන් කිරීම් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳවද ,ප‍්‍රතිඵල වගුගත කිරීම සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු ඒවා ප‍්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙන බව එම්.එම්. මොහොමඞ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.







