FAST NEWS

24×7 Around the Globe

ලංකා සීනි සමාගම පසුගිය වසරේදී බිලියන 1.1 ක් ලාභ ලබයි..

බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී බිලියනයක (මිලියන 1006 ක) ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී බිලියන 1.1 ක (මිලියන 1,174.6) ලාභයක් දක්වා වර්ධනය වූ බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා සිය අමාත්‍යාංශයේ දි පැවති දේශීය සීනි නිෂ්පාදනය පිළිබද සාකච්ඡාවේදී සඳහන් කළේය.

එ අනුව 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

වර්ෂ 2015 වන විට පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගම, සිය සෙවනගල හා පැලවත්ත ඒකකයන්හි උක්ගොවීන්ට හා භාණ්ඩ හා සේවා සපයන සැපයුම්කරුවන්ට ගෙවීම් කළ නොහැකි අර්බුදකාරී තත්ත්වයක පැවතුණ බවත්,මේ පිළිබඳව අවධානය යොමු කරමීන් සීනි කර්මාන්තය යළි නගා සිටු වීම සඳහා, සීනි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පමණක් නොව, නාස්තිය හා අනවශ්‍ය වියදම් වැළැක්වීම සඳහා මනා කළමනාකාරීත්වයක් ඇති කිරීමට තමා පියවර ගනු ලැබු බවත් හෙතෙම මෙහිදි පෙන්වා දුන්නේය.

DE සිල්වා