ප්‍රශ්න්ගත බැඳුම්කර නිකුතුව පිළිබඳව ජනාධිපති කොමීෂන් වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ විමර්ශණ ජනාධිපති කොමීෂන් වාර්තා ඇතුළත් වාර්තා 34 ක්, හෙට (23) දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අද (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පැමිණ තිබේ.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණී.
මෙහිදී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඉල්ලිමක් කර ඇති අතර ,ඒ අනුව අනිද්දා (24) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අදාළ දිනය තීරණය කිරීමට තීරණය වී ඇති බවද පැවසේ.
එමෙන්ම අද (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර වාර්තාවේ පිටපත් කථානායකවරයා විසින් පක්ෂ නායකයින් වෙත ලබාදී ඇති බවත් පැවසේ.
DE සිල්වා








