FAST NEWS

24×7 Around the Globe

අද පස්වරුවේ කටුනායක සිට කොළඹ කොටුව දක්වා වාහන ගමනාගමනය සීමා කෙරේ..

ෙසිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) පස්වරු 1.20ට පමණ දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් , හෙතෙම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව මැදපාර Shangri-La හෝටලය වෙත ගමන් කරන බැවින් එම කාලය තුළ එම මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙයි.

එ අනුව අද සවස 4.30 සිට 5.10 දක්වා කටුනායක සිට අධිවේගී මාර්ගය දක්වා බේස්ලයින් පාර, බොරුල්ල ඩි.එස් වටරවුම, හෝටන් පෙදෙස, නෙළුම් පොකුණ, ලිබර්ට් වටරවුම හරහා ගාලු පාර රථවාහන ධාවනයට  විටින් විට බාධා ඇති වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

DE සිල්වා