FAST NEWS

24×7 Around the Globe

කතරගමදී අත්අඩංගුවට ගත් 58 දෙනාට ඇප..

කතරගම ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයේදී අත්අඩංගුවටගත් පුද්ගලයින් 58 දෙනා රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප හා ඇප කොන්දේසී මත නිදහස් කිරිමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කතරගම නගරයේ දී ඊයේ (21) අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලන කිරීම සඳහා පොලීසිය එල්ල කළ කඳුලු ගැස් ප්‍රහාරයේදී කාන්තාවන් 13 ක් ඇතුළු පුද්ගලයින් 58 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

DE සිල්වා