FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර සම්බන්ධ විශේෂ අධිකරණයක් පිහිටුවිමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට..

බැඳුම්කර වංචාවට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය විශේෂ අධිකරණය පිළිබඳ යෝජනාව හෙට (22) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට තිබේ.

මේ සම්බන්ධයෙන්  අදහද් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා, මේ සුදු කරපටි අපරාධයට සම්බන්ධ ලොකු පොඩි සියල්ලට උපරිම දඬුවම් හා දඩ මුදල් අය කරගන්නාතුරු ජවිපෙ මන්ත්‍රිවරු 6 දෙනා පාර්ලිමේන්තුවේ සක්‍රියව දායක වන බව මාධ්‍ය වෙත කීය.

ජනාධිපති කොමිෂන් වාර්තාවත්, කෝප් කමිටු වාර්තාවත් පදනම්ව බලන විට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමස්ත එජාපයම මේ වංචාවට සෘජුවම වගකිව යුතු බව දැනටමත් ඔප්පු වී ඇති බැවින් නීතිමය ක්‍රියාමාර්ග කල් නොදැමිය යුතු බව හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.

ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ බැඳුම්කර වංචාවේ මුල සිට අග දක්වාම එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය වගකීම් සහගත හා විචක්ෂණශීලී භාවයෙන් තොර බව කොමිෂන් වාර්තාවේද සඳහන් බවය