FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දයේ පළමු අදියර අද..

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර අද (22) ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල පළමු අදියර යටතේ තැපැල් ඡන්දය සළකුණු කෙරෙන බවද එම කොමිෂන් සභාව පවසයි.

දෙවැනි අදියර යටතේ සෙසු රජයේ කාර්යාල, අධ්‍යාපන කාර්යාල, පාසල්, ලංගම ඩිපෝ, ආරක්ෂක හමුදා කඳවුරු හා වෙනත් ආයතනවල තැපැල් ඡන්දය සළකුණු කිරීම මේ මස 25 සහ 26 දිනවල සිදු කිරීමට නියමිතය.

මෙවර පාලන මැතිවරණයේදී 560,000 අධික පිරිසක් තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් එම කොමීෂන් සභාව ප්‍රකාශ කරයි.

DE සිල්වා