පළාත් පාලන මැතිවරණයට අදාළව පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර 14 ක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 ලබන 24 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද(19) තීන්දු කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන මහත්වරු මෙම පෙත්සම් විභාග කළහ.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද (19) දිනයේ ප්‍රතික්ෂේප වු බවය.
DE සිල්වා








