2014 වසරේ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවක අදාළව අධිකරණයට නොපැමීණම හේතුවෙන් අත්අඩංගුවට ගන්නැයි ඊයේ (18) වරෙන්තු නිකුත් කර තිබු ,හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් සැකකාර මාලක සිල්වා අද (19) මෝසමක් මගින් ඉදිරිපත් වී වෛද්‍ය සහතිකයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
ඒ අනුව ඊයේ ඔහුට නිකුත් කළ වරෙන්තුව ආපසු කඳවූ අතර නඩුව නැවත මාර්තු මස 6 වනදා කැඳවීමට ද නියම විය.
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඉදිරිපත් කර තිබෙන එම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකාර මාලක සිල්වා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඒ අනුව ඔහු අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය විසින් ඊයේ (18) වරෙන්තු නිකුත් කළාය.
DE සිල්වා








