FAST NEWS

24×7 Around the Globe

කැළණි පෙරහැර හේතුවෙන් මාර්ග කිහිපයක ධාවනය සීමා කෙරේ..

කැළණිය රජමහා විහාරය මගින් සංවිධාන කරන පෙරහැර අද පස්වරු 3.00 සිට සවස 6.30 දක්වා වීථි සංචාරය කිරීම හේතුවෙන් ,මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර ඇති බවත් , විකල්ප මාර්ග භාවිත කරන්න ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කැළණිය විහාරස්ථානයේ උඩමළුවෙන් ආරම්භ වන පෙරහැර බියගම පාර, පිලපිටිය හන්දිය, ගෝණගම්පල පාර, වරාගොඩ පාර, නූම්ගම්ගොඩ හන්දිය, ගල්බොරැල්ල, විහාර මාවත ඔස්සේ යලි විහාරස්ථානයට පිවිසීම සිදුවේ.

මේ හේතුවෙන් තොරණ හන්දියෙන් වරාගොඩ මාර්ගය ඔස්සේ කැළණිය දෙසට වාහන ඇතුල් නොකරන අතර ඒ සදහා විකල්ප මාර්ග හදුන්වා දී තිබේ.

එසේම කොළඹ දෙස සිට කැළණිය හරහා බියගම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන පෑලියගොඩ, පට්ටිය හන්දියෙන් කිරිබත්ගොඩ දෙසට ගමන් කර සපුගසකන්ද හරහා බියගම දෙසට ගමන් කළ හැක.

බියගම දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන නාගහමුල හන්දියෙන් දකුණට හරවා සපුගස්කන්ද, මාකෙළ, කිරිබත්ගොඩ හරහා කොළඹ දෙසට ගමන් කළ හැකි බවද කැලණිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

DE සිල්වා