FAST NEWS

24×7 Around the Globe

නිල ඡන්ද පත්‍රිකා සමඟ අපේක්ෂක නම් පත්‍රිකාවක් ඡන්දදායකයා අතට..

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සමඟ ඒ ඒ පළාත් පාලන ආයතනවලට තරඟ කරන පක්ෂ,ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (18) කාර්යාලයේදි පැවැත්වු මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙසේ පක්ෂ හා අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු බෙදා හැරීම මැතිවරණ කොමිෂමට අයත් නිල කාර්යයක් නොවන නමුත් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා ඒවා බෙදා හැරීමට කොමිෂම තීරණය කළ බව හෙතෙම පැවසීය.

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකාවලින් කොටසක් බෙදා හැරීම සඳහා ඊයේ (18) තැපැල් කාර්යාලවලට බාරදුන් අතර ඉතිරි කොටස අද (19) දිනයේ බාර දෙන බව ද හෙතෙම පැවසීය.

එසේම තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කොට අවසන් බවත් පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් සඳහා තැපැල් ඡන්ද විමසීම පෙබරවාරි 22 දා පැවැත්වෙන බව සභාපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

සෙසු රජයේ ආයතන , ලංගම ඩිපෝ හා පාසල් සඳහා පෙබරවාරි 25 සහ 26 දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බව එ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

DE සිල්වා