FAST NEWS

24×7 Around the Globe

අර්ජුන මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්විමට ජාත්‍යන්තර පොලිසිය ඉල්ලයි..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වංචාවේ ඉදිරි කටයුතුවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීම සඳහා ජාත්‍යන්තර පොලිසියට දන්වන්නැයි දූෂණ විරෝධී හඬ ජනපතිගෙන් ඉල්ලා සිටියි.

අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිටින තැන පිළිබඳව අගමැතිවරයා හොඳින් දන්නා බවත් ඔහු මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම ජනපතිවරයාගේ වගකීම බවත් එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මීන් පෙර කෝප් වාර්තාව ඒමට නියමිත දිනට පෙරද හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගිය අතර මෙවර වාර්තාව පිටවීමට පෙර නැවත ඔහු විදෙස් රටකට පැන ගොස් ඇති බවද සමරසිංහ මහතා චෝදනා කර සිටියේය.

DE සිල්වා