FAST NEWS

24×7 Around the Globe

අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනත සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය…

සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවම කිරීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව ඊයේ (17) ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

එ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සෑම සැකකරුවකුම පැය 24ක් තුළ මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු අතර එහිදී ඇප ලබා දීමකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන විටකදී එම නියෝගය දීර්ඝ කරගැනීම සඳහා සාමාන්‍යයෙන් සති 02කට වරක් රැඳවූවන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

එමෙන්ම ඇප ලබා දීම සඳහා මහෙස්ත‍්‍රාත්වරයාට අධිකරණ බලයක් නොමැති අවස්ථාවලදී පවා සැකකරු වරින් වර මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.

මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින, ප‍්‍රමාදයන් සහ විශේෂයෙන්ම රැඳවූවන් අධිකරණය වෙත රැගෙන යාමේදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම්, සැකකරුවන්ට එරෙහි ජීවිත තර්ජන සහ ඔවුන් අත්අඩංගුවෙන් පැනයාමට ඇති අවස්ථා සැලකිල්ලට ගෙන, සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු අවස්ථා සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

DE සිල්වා