FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර වාර්තාව අධ්‍යන කිරීමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමීටුවක්..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂය විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කරන බව එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා සිරිකොතදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

සමස්‌ත වාර්තාව සම්පූර්ණ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කරන බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බවද හෙතෙම මෙහිදී කීවේය.

ඒ අනුව එම ත්‍රිපුද්ගල කමිටුවට අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන එජාපයේ කිසිවකු හෝ පක්‍ෂයේ නිලධාරියකු ඊට සම්බන්ධ වී ඇතැයි කියා ඔප්පු වුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියා කිරීමට නොපැකිලෙන බවද එ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

DE සිල්වා