පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු අද (18) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.
එසේම නිළ ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු ලබන පෙබරවාරි මස තුන්වන දින දක්වා සිදුකිරීමට සැළසුම් කර ඇති බවත් එ මහතා පැවසීය.
විශේෂ බෙදීමේ දිනයක් ලෙස ජනවාරි මස 28 වන ඉරු දින ප්රකාශයට පත් කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා








