FAST NEWS

24×7 Around the Globe

LEVEL 01 උල්ලංඝනය කලා යැයි කෝලිට ICC යෙන් දඩුවම් පමුණුවයි..

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන අන්දමින් පිටිය තුළදී හැසිරුණේ යැයි පවසමින් ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිට දඩුවම් පමුණුවා තිබේ.

දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මෙසේ හැසිරුණු කෝලි හට තරග ගාස්තුවෙන් සීයයට 25 ක් සහ සෘණ ලකුණක (DEMERIT POINTS) දඩයක් පැනවීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා පියවර ගෙන තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී විරාට් කෝලි පන්දුවේ හැඩය වෙනස් වී ඇතැයි තරග විනිසුරු මයිකල් ගෆ් හට අඛණ්ඩව පැමිණිලි කිරීම, පන්දුව ගෙන නොහොබිනා අයුරින් දමා ගැසීම සහ ක්‍රීඩාගාරයේදී ක්‍රීඩකයෙක්ට නුසුදුසු අයුරින් ආවේගශීලීව හැසිරීම යන වැරදිවලට විරාට් කෝලිට මෙම දඬුවම පනවා ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩක විනය මාලාවේ පළමු මට්ටම (LEVEL 01) මෙලෙස කෝලී උල්ලංඝනය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

DE සිල්වා