FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල වල අනධ්‍යන සේවකයෝ කෑම පැයේදී විරෝධතාවය පාති..

වැටුප් විෂමතාවයක් ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (17) විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මෙම වැටුප් විශමතාවය පිළිබඳව ගැටළුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෘත්තීය සමිති අතර කරන ලද සාකච්ඡා වලදී එකගවු නමුත් මෙතෙ ඊට විසුදුම් ලබා නොදුන් බව ඔවුහු චෝදනා කර සිටිති.

එ අනුව මෙම විරෝධතා ව්‍යාපාරයට දිවයින පුරා ඇති සියලුම විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුබද්ධිත සියලුම ආයතන වල අනධ්‍යන ශ්‍රේණීවලට අයත් සේවකයන් අද (17) දහවල් කෑම පැයේදී විරෝධතාවට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලීය තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය පැවසීය.

DE සිල්වා