FAST NEWS

24×7 Around the Globe

මත්පැන් පිළිබඳ වු ගැසට්ටුව අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය..

මත්පැන් අලෙවිසල් පෙ.ව. 8 සිට රාත්‍රී 10.00 දක්‌වා විවෘතව තැබීමට සහ මත්පැන් අලෙවියට කතුන් යෙදවීමට මුදල් අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළ ගැසට්‌ නිවේදනය අහෝසි කිරීමට ඊයේ (16)ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය ගත් බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

රටේ විශාල ආන්දෝලනයකට ලක්‌වූ මෙම ගැසට්‌ නිවේදනය වහා අහෝසි කරන බවට ජනාධිපතිවරයා පසුගියදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රැලියකදී පොරොන්දු විය.

එ අනුව ජනපතිගේ එම තීරණය ඊයේ (16) රැස්‌වූ කැබිනට්‌ අමාත්‍යවරුන් විසින් ඒකමතිකව සම්මත කළ බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

DE සිල්වා