FAST NEWS

24×7 Around the Globe

ලංවිම සේවකයන් මුලස්ථානය වටලයි…

නීති විරෝධී ලෙස සිදුකළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම වහාම නතර කරන ලෙසත්, විදුලිබල මණ්‌ඩලය තුළ තිබෙන වංචා දූෂණවලට එරෙහිවත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සාමාජිකයන් අද පෙරවරු 11.00 ට විදුලිබල මණ්‌ඩල මූලස්‌ථානය හා විදුලිබල අමාත්‍යාංශය වටලා විරෝධය පාන බව එම සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

ලංවිම රැක ගැනීම සඳහා පාලනාධිකාරිය සමඟ මෙතෙක්‌ සිදුකළ සාකච්ඡා මගින් නිසි ප්‍රතිඵල නොලැබීම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලබන බවද ඒ මහතා සඳහන් කළේය.