FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මර්දනයට හෙට සිට තෙදින වැඩසටහනක්..

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේ මස 17, 18, 19 තෙදින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අවදානම් දිස්ත්‍රික්ක කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, කල්මුණේ දිස්ත්‍රික්ක මුල් කර ගනිමින් මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් වරින් වර ඇති වන වර්ෂාව හේතුවෙන් පවතින කාලගුණික තත්ත්වය අනුව ඩෙංගු රෝගය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීමේ අරමුණෙන් මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කළේය.

මේ වසරේ ආරම්භයේ සිට ගත වූ සති දෙක තුළදී රට පුරා ප්‍රදේශවලින් රෝගීන් 1300 ක් පමණ වාර්තා වූ බවත් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂය එම සංඛ්‍යාව විශාල අඩු වීමක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

ගත වූ සති දෙක තුළදී කොළඹින් 400 ක්, ගම්පහ 260 ක්, කුරුණෑගල 200 ක්, මහනුවර 200 ක්, මඩකලපුව 170 ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

De සිල්වා