FAST NEWS

24×7 Around the Globe

නාමයෝජනා පෙත්සම් විභාගය කිරිම අද..

ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ මහරගම නගර සභාවට තරග කිරීමට ඉදිරිපත් කළ අපේක්‍ෂක නාමයෝජනා පත්‍රය භාරගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ඇතුළු තවත් පළාත් ආයතන පිළිගත් දේශපාලන පක්‍ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම්වල නාමයෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහි පෙත්සම් විභාග කිරීම අභියාචනාධිකරණය විසින් අදට (16) කල් තබන ලදි.

අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් ඊයේ (15 දා) විභාගයට ගැනීමට නියමිතව තිබිණි.

එහෙත් විනිසුරු දෙහිදෙණිය මහතා ⁣ශ්‍රේෂ්ඨාධිකරණයේ  විනිසුරුවරයකු වශයෙන් පත්කර ඇති බැවින් ඊයේ පෙත්සම් කැඳවනු ලැබුවේ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේය.

තමා ඇතුළු දෙදෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක්‌ හමුවේ පෙත්සම් විභාගය සඳහා අද කැඳවන බව විනිසුරු ගුණරත්න මහතා එහිදී දැනුම් දුන්නේ.

De සිල්වා