FAST NEWS

24×7 Around the Globe

දුම්රියට බිලියන ගණනක ඇන්ජින් හා පෙට්ටි ගෙන්වයි..

ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 12ක ව්‍යාපෘතියක් මෙම වසරේ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය යටතේ නවීන පහසුකම් සහිත දුම්රිය එන්ජින් 9ක් හා මැදිරි චීනයෙන් ආනයනය කෙරෙන අතර වායු සමීකරණය කරන ලද මෙම මැදිරිවල දුම්රියේ ඊළඟ නැවතම හා එහි ළඟාවන වේලාව ප්‍රදර්ශනය කෙරෙන බවත්,එම එන්ජින් හා මැදිරි ලබන නොවැම්බරයේ මෙරටට ගෙන ඒමට නියමිත බව හෙතෙම පැවසීය.

මීට අමතරව තවත් දුම්රිය එන්ජින් 12ක් ඉන්ධන ප්‍රවාහන ගැල් 30ක්, කන්ටේනර් වැගන් 20ක්, මැදිරි 150ක් ඇමෙරිකානු සමාගමකින් මිලට ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කලේය.

එ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ගෙන්වනු ලබන දුම්රිය කට්ටල සදහා පමණක් බිලියන 07 ක් වැය වන බ එ මහතා පෙන්වා දුන්නනේය.

De සිල්වා