FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 67 ණයයි..

රාජ්‍ය ආයතනවලින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසය ​වනවිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 67ක මුදලක් අයවිය යුතුව ඇති බව වාර්තා වේ.

මෙයින් ලංකා විදුලි බලමණ්ඩලය පමණක් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 48 ක් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් සංස්ථාවට අයවිය යුතු මුදල රුපියල් බිලියන 13ක් වන බවත් එම සංස්ථා ආරංචි මාර්ග පවසයි.

De සිල්වා