FAST NEWS

24×7 Around the Globe

යු.ඇන්.පී මැතිවරණ සටන මහනුවරින් ඇරඹෙයි..

පෙබරවාරි මස 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන ප්‍රචාරක රැස්වීම් මාලාව ලබන 18 වැනිදා  මහනුවරදී එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන බව එම පක්ෂය නිවේදනය කර සිටියි.

එදින පෙරවරුවේ එජාප මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු එජාප මංගල ප්‍රචාරක රැස්වීම එදින පස්වරු 03 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේදී පැවැත්වෙයි.

De සිල්වා