හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයන් වරාය අධිකාරියට බදවාගෙන රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉලමින් මාරාන්තික උපවාසයේ යෙදුනු සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා මේ වන විට රෝහල ගත කර තිබේ .
අදාළ සේවකයින් 11 දෙන විසින් පසුගිය 09 වනදා සිට මෙම මාරාන්තික උපවාසයේ යෙදුනු අතර අවස්ථා කීපයකදී උපවාස කරුවන් කීප දෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කළ අතර ඉන් ඉතිරිව සිටි අනෙක් සේවකයින් තිදෙනාද අද (13)පෙරවරුවේ අසාධ්‍ය තත්වයේ පසු වූ හෙයින් හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබේ.
ඒ සමගම මෙම මාරාන්තික උපවාසය නොකඩවා ගෙන යාම සදහා තවත් සේවකයින් 11 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට එක්වූ අතර ඒ අතර සේවිකාවන් දෙදෙනෙකුද වෙති.
DE සිල්වා








