FAST NEWS

24×7 Around the Globe

ජ’පුර රෝහලේ හෙද වර්ජනය අවසන්…

ජයවර්ධනපුර මහ රෝහලේ හෙද හෙදියන් දින 10 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හෙද අයිතිවාසිකම් සීයයට 95 ක් දිනා ගනිමින් අද (13) උදෑසන සිට අවසන් කිරීමට තීරණය කර තිබේ.

රෝහලේ පරිපාලනය සමඟ ඊයේ (12) සිදු කළ සාකච්ඡාවෙන් පසුව සිදු වූ එකඟතා අනුව වැඩ වර්ජනය අවසන් කෙරෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

රෝහලේ බලධාරින් සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ඉදිරි කාලය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පිළිගත් ක්‍රමවේදයකට අනුව මේ ගැටලුව මුළුමනින්ම විසඳා ගැනීමට පියවර ගන්නා බවට ඒකඟත්වයකට පැමීණ තිබේ.

එ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍රය ඉවත් කර වෙනදා පරිදි හෙද හෙදියන් පොතෙහි අත්සන් කිරීම අද (13) සිට සිදු කරන බවත් වෙනදා මෙන්ම රාජකාරි කටයුතු නිසි පරිදි හෙද හෙදියන් ක්‍රියාත්මක කරන බවට මේ සාකච්ඡාවේදි තීරණය වු බව එම සංගමය කියයි.

DE සිල්වා