FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමට යයි..

න්‍යෂ්ඨික ගිවිසුම අවදානමේ හෙළමින් ඉරානයට නව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති බව එරට භාණ්ඩාගාර ලේකම්වරයා මාධ්‍යට අනාවරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙසේ නව සම්බාධක පැනවීමට සූදානම් වන්නේ, ඉරානයට මෙතෙක් පනවා තිබූ සම්බාධක 2015 වසරේ ඇති කර ගත් න්‍යෂ්ඨික ගිවිසුමට අනුව ඉවත් කිරීමට නියමිතව තිබියදී බවද හෙතෙම පෙන්වා දී ඇත.

නව සම්බාධක ඉරානයේ ඉහළ පෙළේ නියෝජිතයින් ඉලක්ක කර හෝ පැනවීම ජනපති ට්‍රම්ප්ගේ අපේක්ෂාව බවත් පැවසේ.

DE සිල්වා