මතුගම – අලුත්ගම මාර්ගයේ වැලිපැන්න මහ පාලමේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් 16 වැනිදා රාත්රියේ 9 සිට 17 වැනිදා අලුයම 4 දක්වා එම මාර්ගය තාවකාලිකව වසා තැබෙයි.
එහෙයින් රියදුරන් ඇතුළු එම මාර්ගය භාවිත කරන්නන් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිපැන්න පොලීසියේ රථවාහන අංශය ජනතාව වෙත දැනුම් දෙයි.
මතුගම – අලුත්ගම මාර්ගය මේ වනවිට අලුත්වැඩියා කෙරෙමින් පවතින අතර, එයට සමගාමීව වැලිපැන්න මහ පාලමද අලුතින් ඉදිකරමින් පවතී. එයට විකල්පයක් ලෙස තාවකාලික පාලමක් ඉදිකර ඇති අතර, එම තාවකාලික පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස මාර්ගය පැය 07ක කාලයක් වසා තැබේ.
එම කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ ගල්මත්ත , හිරිවැද්දල, බෝපිටිය, නාරවිල යන මාර්ගය භාවිත කරන ලෙස වැලිපැන්න පොලීසියේ රථවාහන අංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
DE සිල්වා








