FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයට නිරීක්‍ෂකයන් 7000 ක් යොදවයි..

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා දේශීය නිරීක්‍ෂකයන් හත්දහසක් (7000)‌ යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එ අනුව මැතිවරණය පැවැත්වෙන පෙබරවාරි 10 වැනිදා ඡන්ද මධ්‍යස්‌ථාන සඳහා නිරීක්‍ෂකයන් හාරදහසක්‌ ද (4000) යෙදවෙයි.

තැපැල් ඡන්ද පැවැත්වෙන ජනවාරි 22,25,26 දිනයන්හිද නිරීක්‍ෂකයන් දහසක්‌ද (1000) ඊට අමතරව ජංගම රථ 341 ක්‌ යොදාගෙන දිවයින පුරා නිරීක්‍ෂකයන් එක්‌දාස්‌ පන්සියයක්‌ද (1500) යෙදවීමට නියමීත බවත් එ මහතා පවසයි.

මේ වන විට මැතිවරණ පැමිණිලි 243 ක්‌ තම සංවිධානය වෙත ලැබී ඇතැයි පැවසූ ෆැපරල් විධායක අධ්‍යක්‍ෂවරයා වැඩිම පැමිණිලි සංඛ්‍යාවක්‌ ලැබී ඇත්තේ ප්‍රචණ්‌ඩ ක්‍රියා, මැතිවරණ නීති උල්ලංඝණ කිරීම, රාජ්‍ය බලය සහ දේපළ අයුතු ලෙස භාවිතය සහ මහජනතාව පීඩාවට පත්වන හා බාධාවන අයුරින් අපේක්‍ෂකයන් කටයුතු කිරීම් සම්බන්ධයෙන් හෙතෙම ප්‍රකාශ කළේය.

DE සිල්වා