FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ අධිපති හා නිළධාරීන් යළි කොප් කමීටුවට කැඳවෙයි..!

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාද කළ පසුව මෙම කැඳවිම කිරීමට අපෙක්ෂිත බවත් එම කොමීසමේ ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව මගින් ලබාදුන් නිර්දේශ මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවාද? යන්න පිළිබඳ පසු විපරම් කර බැලීම සඳහා අදාළ නිලධාරීන් මෙලෙසයළි කමිටුව ඉදිරියට කැඳවීමට තීරණය කිරීමට හේතුව වී ඇති බවත් පැවසේ.

එමෙන්ම බැඳුම්කර ගනුදෙනුවලදී යළි අර්බුදයක්‌ ඇති වීම වැළැක්‌වීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න කෝප් කමිටුව විසින් මෙහිදි විමසීමටද තීරණය කර තිබේ.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් කමිටුවේ විමර්ශන වාර්තාව කමිටුවේ එජාප සාමාජිකයන්ගේ පාද සටහන්ද සහිතව 2016 ඔක්‌තෝබර් 28 දා සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

මෙම වාර්තාව නීතිපතිවරයාට යොමු කළ යුතු බව හා එහි නිර්දේශවලට එකඟ වීම පාර්ලිමේන්තුවේ වගකීමක්‌ බවද අගමැතිවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

DE සිල්වා