FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් අධිකරණයෙන් සිතාසී..

2010 සිට 2012 දක්වා වසර වල වත්කම් සහ බැරපත් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව, ගොනුකර ඇති නඩු තුනකට අදාල සාක්ෂි ලබාගැනිම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට ලබන අප්‍රේල් මස 06 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) සිතාසි නිකුත් කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ

එම නඩුවල සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් ජනාධිපති ලේකම් පි.බී අබේකෝන් මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරව සිටි නිළධාරියා සාක්ෂිකරුවන් ලෙස නම් කරන බවත් ,ඔවුන් දෙදෙනා සාක්ෂි සඳහා කැදවිමට සිතාසි නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට සහ අදාළ නිළධාරියාට ලබන අප්‍රේල් මස 06 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළේය.

DE සිල්වා