FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල්ට අධි චෝදනා භාර දෙයි..

අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ අද (11) අධි චෝදනා භාර දුන්නේ ය.

එ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊට අදාළව විත්තිකාර විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරනු ලැබී ය.

කෙසේ වෙතත් අදාළ චෝදනාවලට තමා නිවැරදිකරු බව අද (11) එම නඩුව කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හළ මහාධිකරණය ලබන මස 19 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළේය.

DE සිල්වා