FAST NEWS

24×7 Around the Globe

කොළඹ ජාතික හා අක්ෂි රෝහල් වල හෙද සේවකයෝ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යති..

කොළඹ ජාතික රෝහලේ සියලුම හෙද කාර්ය මණ්‌ඩලයද අද (11 ) ලෙඩ නිවාඩු වාර්තා කර ඇති බවත් , අක්‌ෂි රෝහලේ සියලුම හෙද කාර්ය මණ්‌ඩලයද අද එක්‌ දින වර්ජනයක නිරත වන බවදරාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ මාධ්‍ය වෙත පැවැසූහ.

ඇගිලි සළකුණු තැබිමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමීන් ජයවර්ධනපුර රෝහලේ හෙද කාර්ය මණ්‌ඩලය විසින් ආරම්භ කර තිබෙන අඛණ්ඩ වැඩවර්ජනයට සහාය පළ කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග සිදු කෙරෙන බවත්, රෝහලේ පාලනාධිකාරිය ගෙන තිබෙන අත්තනෝමතික ක්‍රියාව පැය 24 ක්‌ ඇතුළත විසඳීමට ආණ්‌aඩුව කටයුතු නොකළහොත් දීප ව්‍යාප්ත වර්ජනයකට යන බවද උන්වහන්සේ පැවසුහ.

DE සිල්වා