FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ මංගල රැළිය අද අනුරාධපුරයේදි..

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරනු ලබන මහජන රැළි මාලාවේ පළමුවැන්න අද (10) පස්වරු 02.00 ට අනුරාධපුරයේ දී ආරම්භ වීමට නියමීත වෙයි.

මෙ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රීලනිප මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පක්‍ෂ නායකයන් සහභාගී වීමට නියමීතය.

මීට අමතරව මෙම රැළිය සඳහා අනුරාධපුරයේ සියලුම අපේක්‍ෂක අපේක්ෂිකාවන් සහභාගීවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කොළඹින්ද යම් පිරිසක් සහභාගී වීමට නියමිත බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රකාශකයෙක් කීය.